Charge car battery while driving? Yes
Sweden became the worlds first country to implement an electric road. In this nearly one kilometer road, you can charge your vehicle's battery on the move. You don't even need to stop the engine, just charge your car's battery while driving as usual.
In the middle of the road, there is an electric rail that carries DC current. Because it is DC, there is no electrocution happen and safe. You need to fix an special gadget to the car, that drops to connect with the electric rail. That is it, this simple technology gives so much benefits to electric car owners.
ලොව පළමු වරට ස්වීඩනය විද්යුත් පාරක් ප්‍රයෝගිකව නිර්මාණය කර තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වනුයේ ඔබගේ විද්‍යුත් රථය මෙම පාරේ ධාවනය වන ගමන්ම ආරෝපණය කරගත හැකි වීමයි. ඒ කියන්නේ වාහනේ යන ගමන්, නවත්තනේ නැතුව බැටරිය චාර්ජ් කරගන්න පුළුවන් කියන එක.
මේ නිර්මාණය හරිම සරලයි. පාර දිගට රේල් පාරක් වගේ වානේ කම්බි අතුරලා තියෙනවා. එමගින් වාහනයට අවශ්‍ය කරන විදුලිය ලබා දෙනවා. මෙහි DC විදුලිය ඇති නිසා කරන්ට් එක වදින්නේ නැහැ. එම නිසා මෙය ඉතා ආරක්ශාකාරියි.
වාහනයට කුඩා ගැජට් එකක් හයි කරගන්න ඕනේ යන ගමන් මේ පාරේ තියෙන විදුලි කම්ම්බි සමග සම්බන්ද වෙන්න. හරිම සරල සොයාගැනීමක්, නමුත් ඉතාමත් ප්‍රායෝගිකයි. ස්වීඩන් රජය කියන්නේ මේ වසර අවසාන වෙනකොට රටේ සියලුම පාරවල් මේ වගේ විදුලිය සම්බන්ද කරන්න බලාපොරොත්තු වෙනවා කියලයි.
ඒ රටවල් වල ඉතින් කිවුවොත් කරනවා, අපේ වගේ නෙමේනේ. එතකොට මුළු රටේම ධාවන කටයුතු විදුලියෙක් කරගන්න පුළුවන්. පරිසර දුෂණය ඉතාමත් අවම වෙනවා.
මේ වගේ දේවල් කරන්න බුද්ධිමත්, උගත් පාලකයන් වගේම, රටේ මිනිස්සුත් බුද්ධිමත් වෙන්න ඕනේ. අපේ රටේ ඔය දෙකම නැහැනේ, ඉතින් මේ වගේ දේවල් මේ රටේ වෙයි කියලනම් බලාපොරොත්තු වෙන්න එපා.

Leave a Comment