මාර්තු 7 වනදා ග්‍රහකයක් පෘතුවිය හා ගැටීමේ අවදානමක්???
තව නොබෙ දිනකින්, ඒ ඉයන්නේ හරියටම සති දෙකකින් අඩි 100කට වැඩ විශාල ප්‍රමාණයේ ග්‍රහකයක් (උල්කාෂ්මයක්) පෘතුවියට ඉතා සමීපයෙන් ගමන් ගන්න බව විද්‍යාඥයන් පවසයි. මෙය පයට සැතපුම් 34000කට වඩා වේගයෙන් ගමන් ගන්න අතර මෙමගින් පෘතුවියට කිසිදු තර්ජනයක් නැති බව මෙම සොයාගැනීම සිදුකල විද්‍යාඥයන් සදහන් කරයි. ඔවුන් පවසන පරිදි මෙම නිවේදනය නිකුත් කිරීමට හේතුව වී ඇත්තේ දහස් ගණනින් වන පෘතුවියට සමීප ග්‍රාහකයන්ගෙන් සිදුවිය හැකි අනතුරු පිලිබදව සමාජය දැනුවත් කිරීම බවයි.
2016 TX68 ලෙස හදුන්වන මෙම ග්‍රහකය විශාලත්වයෙන් ලොරි රථ 18ක් තරම් වනවා. එය පෘතුවියේ සිට සදට ඇති දුර මෙන් දහයෙන් එකක දුරින් එනම් සැතපුම් 238900ක දුරින් මාර්තු 7 වනදා ගමන් කරනු ඇත.
"එක ගොඩක් ලගින් ගමන් කරන්නේ. එත් පෘතුවිය හා ගැටීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. එක හින්ද ජනතාව ඒ ගැන බය විය යුතු නැහැ." යනුවෙන් ඕක්ලන්ඩ් හි චෙබොත් අභ්‍යවකාශ හා විද්‍යා පර්යේණ මධ්‍යස්ථානයේ පර්යේෂක ජෙරාඩ් මක්කිගන් පවසා සිටියා.
සමහරවිට මෙය සැතපුම් මිලියන 10.7ක් තරම් දුරින් හෝ සැතපුම් 22236ක් තරම් ලගින් හෝ ගමන් කල හැකියි. පර්යේෂකයන්ට තවම නිශ්චිත දුර ප්‍රමාණය කිව නොහැකි බවත් ඔහු සදහන් කර සිටිනවා.
කෙසේ උනත් මෙය පියවි ඇසින් දැකිය නොහැකි වනවා. එමෙන්ම මෙය උපකල්පනය කරන ලගම දුරින් ගමන් කළහොත් එය අවුරුදු 3ක් ඇතුලත ලගින්ම ගමන් කල ග්‍රහකය වනු ඇත. මෙයට කලින් 2013 වසරේදී අඩි 130ක ප්‍රමාණයේ ග්‍රහකයක් සැතපුම් 25560ක තරම් දුරින් ගමන් කර තිබෙනවා.
මෙම ග්‍රහකය සොයාගෙන තිබෙන්නේ මිට අවුරුදු 3කට කලින් වන අතර එය හිරු වට බිත්තරයක හැඩය ගත මාර්ගයක සැම දින 780කට වරක් ගමන් ගන්නවා. මෙය ඊලග වතාවේ පෘතුවියට සමීපයෙන් ගමන්ගන්න අවස්ථාවේ එනම් 2017 සැප්තැම්බර් 28 වනදා එය පෘතුවිය සමග ගැටීමේ සම්භාවිතාවය මිලියන 250කට 1ක් පමණකි. එමෙන්ම 2046 හා 2097දි එය පෘතුවියට සමීපයෙන් ගමන් කිරීමේදී එය ගැටීමට ඇති ඉඩකඩ තවත් අඩුවන බවයි ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් සදහන් කරන්නේ.
"මෙම ග්‍රහකයේ ගමන් පථය සලක බැලීමේදී අපිට පෙනී යන්නේ අනාගතයේදී සිදුවන සැම ලගා විමකදිම එය පෘතුවිය හා ගැටීමේ සම්භාවිතාවය එන්න එන්නම අඩු වන බවයි" යනුවෙන් නාසා හි පෘතුවියට සමීප වස්තුන් අධ්‍යනය කිරීමේ ආයතනයේ විද්‍යාඥ පෝල් චෝදාස් පවසා සිටියා.
අප දන්නා ඉතිහාසය තුලදී උල්කාපාත පෘතුවියේ ගැටුණු අවස්ථා දහස් ගණනින් වනවා. මේ අතරින් දරුණුතම ගැටීම වාර්තා වන්නේ මිට අවුරුදු මිලියන 66කට ඉහතදී. ඒ සැතපුම් 5ක පමණ විශාලත්වයකින් යුත් උල්කාපාතයක් මෙක්සිකෝවේ යුකටන් ප්‍රාන්තයට කඩාවැටීමයි, මෙහිදී ඇති බිහිසුණු පිපිරුම්, සැතපුම් ගණන් උස සුනාමි, ගිනි කදු පිපිරීම් මෙන්ම අවුරුදු ගණනක් හිරු එලිය වැටීම පවා සම්පුර්ණයෙන්ම නැතිවී ගිය බවට සාධක හමුවී තිබෙනවා. මෙම ගැටීම එවකට පෘතුවියේ ජිවත් වූ ඩයිනසොරයින් වදවියමට ප්‍රදමන හේතුව වූ බවටයි පිළිගැනෙන්නේ. මෙමගින් ඇතිවූ ආවාටය සැතපුම් 12ක් තරම් ගැබුරු වූ අතර සැතපුම් 110ක පමණ විශාලත්වකින් යුතු උනා.
උපුටා ගැනීම පෝල් රොජර්ස් (ම'කරි ප්‍රවෘර්ති)
http://www.mercurynews.com/science/ci_29544877/100-foot-asteroid-zoom-past-earth-two-weeks

Leave a Comment