අහසින් වැටුන ගංජා... Marijuana Fell From Sky...


මේ සිද්දිය වෙලා තියෙන්නේ ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ නිවසක ජීවත්වූ කාන්තාවකට. මෙයාගේ ගෙදර තියෙන්නේ මෙක්සිකානු සීමාවට ආසන්නයේ. පසුගිය දිනක මැයගේ නිවසේ බලු කුඩුවට මහා සද්දෙන් මොකක්දෝ වැදිලා තියෙනවා. ගිහින් බලනකොට ඇමරිකානු ඩොලර් 10,000ක් පමණ වටිනා ගංජා බෑග් එකක් තම තිබිල තියෙන්නේ.

මායා දොනලි කියන මේ කාන්තාව ඉතින් කරලා තියෙන්නේ හිමින් සැරේ විකුණා ගන්නේ නැතුව පොලිසියට කෝල් කරලා මේ ගැන කියල. පොලිසියේ මහත්වරු (ලංකාවේ නෙමේ හොදේ) පසුව මාධ්‍යට කියල තියෙනවා කුඩා ගුවන් යානයකින් හෝ දුරස්ථ පාලක ධ්‍රෝනයකින් ප්‍රවාහනය කරන අතරතුර මෙසේ බිමට පතිත වී ඇති බවයි.

No comments

Powered by Blogger.